මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (15දා) දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග නීති කඩකරමින් රථවාහන ධාවනය කළ රියදුරන් 19837ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අතරින් 7127ක්ම අධික වේගයෙන් රිය පැදවීම් වෙයි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් සහ රථවාහන වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් 9,919,930ක දඩ මුදලක් අයකර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.