බරපතල දුෂණ වංචා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඡන්ද වැඩි ඡන්ද 67 කින් සම්මත විය.
අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධ දෙවැනිවර කියවීමේ විවාදය අද 09දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණ අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ලැබුණි. පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 52 ලැබුණි.
පනත් කෙටුම්පත සඳහා කාරකසභා අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් සංශෝධන ඉදිරිපත් කළ අතර සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව තුන්වනවර කියවීම පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.