අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එහි විමර්ශන නිලධාරීන් සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ගෙන ඇත.
මෙම විමර්ශන ඒකකය ඉදිරියේදී අතිරේක ලේකම්වරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ සියලු පැමිණිලි ඕනෑම දුරකථනයකින් 1988 අංකය හරහා මෙම ඒකකය වෙත ලබාදිය හැකි අතර, විමර්ශන ශාඛාවේ 0112785070 ඇමතීමෙන් හෝ ‘අතිරේක ලේකම් (පාලන හා මුදල්), විමර්ශන ඒකකය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල’ ලිපිනයට තැපැල් මගින් එවිය හැකිය.