අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන පරිපාලන සේවයට ගුරුවරුන් බඳවා ගැනීමට එරෙහිව හෙට (23දා) අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
දේශපාලන සුදුසුකම් මත ගුරු සේවයේ 400කට අධික පිරිසක් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකෝරළ මහතා සඳහන් කළේය.
මේ හරහා සමස්ත අධ්‍යාපන පරිපාලන සේවයම කඩා වැටෙන බවත්, මේ නිසා වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන එය පරාජයට පත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවල පළමු ක්‍රියාමාර්ගය ලෙස හෙට (23දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවත්, මෙයට ප්‍රතිචාර නොලැබුණොත් ඉදිරියේදී අඛණ්ඩ ක්‍රියාමාර්ග දියත් කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.