අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ සිට විවිධ මට්ටම්වල නිලධාරීන්ගේ ළමයින් 75 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කොළඹ ප්‍රධාන ජනප්‍රිය ජාතික පාසලවලට අවිධිමත්ව ඇතුළත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.
කොළඹ විශාඛා විදුහලට අවිධිමත්ව සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව පරීක්ෂණ මේ වන විට සිදුවන බවත් ඊට සමගාමීව අනධ්‍යයන සේවකයන්ගේ ළමයින් දෙදෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පමණක් නොව විශාඛා විදුහලට මෙන්ම අනෙකුත් පාසල්වලද මෙලෙස අවිධිමත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ බලය උපයෝගී කරගෙන ඇතුළත් කළ දරුවන් සිටීම සම්බන්ධයෙන් වහා විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවද ලේකම්වරයා අවධාරණය කර සිටියි.
එමෙන්ම පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝග අනුව 2016 වසරේ සිට පන්ති කාමරයක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35කට සීමා විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සහිත චක්රෙල්ඛයක්ද නිකුත් කර ඇති අතර එය උල්ලංඝනය කරමින් බොහහෝ ජනප්‍රිය පාසල්වල පළමු වසරේ විධිමත් සීමාවෙන් ළමයින් ඇතුළත් කර ඉන් අනතුරුව 2 ශ්‍රේණියේ සිට මෙම සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කරගැනීම් සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.