අධ්‍යාපනයේ නිදහස නම් විසකුරු සර්පයා පරාජය කළ යුතුයි
මුදල විසින් තීරණය කරනු ලබන අධ්‍යාපන රටාව පරාජයට පත්කළ යුතු බවත් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය වර්තමාන මධ්‍ය ආදායම් තත්ත්වයට ගැළපෙන ආකාරයට සකස් කර ගතයුතු බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඇතැම් පිරිස් නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස නම් පුද්ගලවාදී සංකල්පය ඔස්සේ නව ලිබරල්වාදී අදහස් ගෙන ඒමට උත්සාහය පරාජයට පත්කළ යුතු බවද අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි මූල්‍යවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ ඇමෙරිකා එක්සත් ජනපදය බොහොම දියුණු හා ධනවත් යයි පිළිගත්තද සමාජ සාධක අතින් අතිශයින්ම පසුගාමී සමාජයක් වන බවත්, අපි මේ සමාජ සාධක, සෞඛ්‍ය සහ අධ්‍යාපනය දිහා බලනකොට දියුණු ඇමෙරිකාවට වඩා දියුණු සමාජ පද්ධතියක් තිබෙන රටක් හැටියට අපට සතුටු විය හැකි බවද රණවක මහතා ප්‍රකාශ කර තිබේ.
මේ හේතුව නිසා නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනයේ නිදහස නමින් ගෙනඑන මේ පුද්ගලකාමීන් ලාභය මුල්කරගත් මුදල විසින් තීරණය කරන අධ්‍යාපන රටාව තීරණය කරන මේ විසකූරු සර්පයා නම් අප පරාජය කළ යුතු බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

