පොහොර මෙට්‍රික් ටොන් 40000ක නැවක් පාකිස්තානයේ සිට අද (03දා) රාත්‍රියේ ශ්‍රීලංකාවට පැමිණීමට නියමිත බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පකිස්තානයේ සමාගම් හතරකින් ඉල්ලුම් කර ඇති එම පොහොර තොගය මෙරටට ගෙනා විගස දිවයින පුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
රජයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පොහොර නැව පැමිණි පසුව දැනට මතුව ඇති පොහොර අර්බුදය විසඳෙනු ඇති බවයි.