සිවිල් සංවිධාන 20ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර, එප්පාවල නගරයේ පැවති 'වීදියේ විරෝධය' වැඩසටහන ආවරණය කිරීමට ගිය 'අද' පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් මහතාට මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මෙම මැර ප්‍රහාරය හේතුවෙන් තිසර සමල් මහතා තුවාල ලබා ඇති අතරම ඔහුගේ කැමරාවද පහරදී විනාශ කොට තිබේ.
තිසර සමල් මහතාට පහරදීමට පෙර එම මැරයන් විසින් 'වීදියේ විරෝධය' පිරිසට පහරදී ඇති අතර එම සිද්ධිය ඡායාරූපගත කිරීම හේතුවෙන් ඔහුට මෙම පහරදීම සිදුකොට තිබේ.
තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය කරන උදිත නිශාන්ත ඇතුළු පිරිසක් තිසර සමල් මහතාට මෙම පහරදීම සිදුකොට තිබේ.
තුවාල ලත් තිසර සමල් මහතා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.
තිසර සමල් මහතා 'අද' පුවත්පතේ අනුරාධපුර වාර්තාකරු ලෙස කටයුතු කරනු ලබයි.