අද පොලිස්පති අණින් කළ මෙහෙයුමෙන් 2564ක් අත්අඩංගුවට
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අද (24දා) දින අළුයම 02 සිට උදෑසන 06 දක්වා වූ පැය හතරක කාලයක් පුරා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී.
මෙම මෙහෙයුම වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිළධාරීන් 16,256ක් සහභාගි විය.
මෙම විශේෂ මෙහෙයුමෙන් බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 504ක්, වරෙන්තුකරුවන් අත්අඩංංගුවට ගැනීම් 720ක්, විවිධ අපරාධයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම් 741ක්, හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 71 සහ බලපත්‍ර නොමැති තුවක්කු සමග අත්අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇත.
මේ අනුව මුළු අත්අඩංගුවට ගැනීම් 2564ක් සිදු කර ඇත. මීට අමතරව රථ වාහන නඩු 4735ක් ලබාගෙන ඇත.
මෙම හදිසි මෙහෙයුම අපරාධ වැළැක්වීම මෙන්ම රිය අනතුරු අවම කිරීමේද අධිටනින් පොලිස්පති උපදෙස් මත සිදුකෙරිනි. මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන්ම දිවයින පුරාම සිදු කිරීමටද නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
