පවතින අධික වැසි තත්ත්වය හෙට (01දා) දිනයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බවත්, එහෙත් අද (30දා) සවස 2.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අධික වැසි තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියද අන්තර් මෝසම් කාලය ඇති වී තිබෙන නිසා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට ඇති විය හැකි බව කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය සඳහන් කළාය.
අන්තර් මෝසම් කාලය ආරම්භ වීමත් සමග දැනට වැසි නොලැබෙන ප්‍ර‘දේශවලටද වැසි ඇතිවන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල තාවකාලික සුළං තත්ත්ව ඇතිවිය හැකි බවත් ඇය පවසා සිටියාය.
අකුණු මගින් සිදුවන අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද ඒ මහත්මිය සඳහන් කළාය.
මේ අතර බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට ප්‍ර‘දේශවල පවතින වැසි නිසා එම දිස්ත්‍රික්කය තුළ පිහිටි කඳු ආශ්රිත ප්‍ර‘දේශ නායයාම්වලට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.
මීට අමතරව පවතින වැසි තත්ත්වය නිසා පස් කණ්ඩි කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බවත්, එහෙයින් පස් කණ්ඩි ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත්, මෙම අනතුරු ඇඟවීම අද (30දා) සවස 2.00 දක්වා ක්‍රියාත්මක බවත් එම සංවිධානය සඳහන් කරයි.
තවද ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ශීඝ්‍ර‘යෙන් ඉහළ යමින් ඇති අතර, කළු ගඟේ ජල මට්ටමද ඉදිරි දිනවල ගඟේ ඉහළ ප්‍ර‘දේශවලට වර්ෂාව ඇති වුවහොත් ඉහළ යා හැකි බවත්, එනිසා ගංගා දෙපස සිටින ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂා තත්ත්වය නිසා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් ඊයේ (29දා) දිනයේ වැසි ජලයෙන් යට වී තිබිණි.
පවතින වැසි තත්ත්වය නිසා බොහෝ මාර්ග ජලයෙන් යට වී තිබෙන අතර, මේ නිසා ගමනාගමනයටද බාධා ඇති විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව ප්‍ර‘දේශය ජලයෙන් යටවීම නිසා පවුල් 8 කට අයත් පුද්ගලයන් 243 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, නිවාස 18කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 128කට අයත් පුද්ගලයන් 470 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයන් 42 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙලෙස පීඩාවට පත් පවුල් 236කට අයත් පුද්ගලයන් 840 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා සිටින බවත්, ගෙවී ගිය කාලය තුළ මරණ හතක් සිදු වී, අතුරුදන් වීම් තුනක් සිදු වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව ඊයේ (29දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත් ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සලසන ලෙසට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාගේ මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.