ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීම හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව තිබෙනා රුපියල් මිලියන 700ක පමණ මුදලක් නොගෙවන තත්ත්වයට පත්ව අැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ හිටපු සභාපතිවරයෙකු වූ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවිම පිළිබඳවද ගැටලුවක් ඉදිරියේදී ඇතිවෙනු ඇති බවයි.