යුද්ධය හේතුවෙන් උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කළ මුලතිව් සත්‍යග්‍රහයට මේ වන විට දින 366ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට පවසමින් අද (08දා) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී කළුපටි බැඳ විරෝධතාවක් සිදුකෙරිණි.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආසන්නයේ මීට වසරකට පෙර යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම සත්යග්රහයන් ආරම්භ කර සිටියේ අතුරුදහන් වූ සිය දරු මුනුබුරන් සොයා දෙන ලෙසටත්, ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙසටත් ඉල්ලමිනි.
මුලතිව්හි ආරම්භ කළ සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහාය ලබාදීමක් වශයෙන් වවුනියාව ,කිලිනොච්චිය,යාපනය හා මන්නාරම් යන දිස්ත්‍රික්කයන්හි අතුරුදහන් වූවන්ගේ ඥාතීහු රැසක්ද අද දින පැවැති කළුපටි විරෝධතාවට එක්ව සිටියහ.
එහිදී කළුපටි විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ පැවැති රජයට මේ වනතුරු අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබාදීමට නොහැකි වූවා සේම වත්මන් රජයද බලයට පත්වීමට පෙර තම ගැටලු විසඳන බවට වූ පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම හේතුවෙන් වත්මන් රජය ගැන හෝ දෙමළ දේශපාලඥයන් ගැනද විශ්වාසයක් තැබීමට නොහැකි බවය.
එම නිසා මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු බව ඔවුහු පැවසූහ.