ADA
www.ada.lk
2025 ජුලි මස 14 වන සඳුදා
අතුරුදහන්වූවන් විසින් උතුරේ පවත්වනු ලබන උපවාසයන්ට දින 200ක් ගතවීමට ආසන්න වුවද ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් රජය මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද (30දා) වවුනිවේ ස්ථාන දෙකක විරෝධතා දෙකක් පැවත්විණි.
උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍යංශය විසින් වවුනියාව නගර මධ්‍යයේ සිට විරෝධතා පාගමනක් පවත්වා වවුනියාව නගරසභා ශාලාවේදී රැස්වීමක් පවත්වමින් කියා සිටියේ උතුරේ මේ වනවිට අතුරුදහන් වූවන් විසින් උපවාසයන් සිදුකරමින් මාස 06කට වැඩි කාලයක් උපවාසයන්හි යෙදෙනු ලැබූවද මේ දක්වා රජය මගින් විධිමත් විසඳුමක් නොදීම හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ගැටලු රැසකට මුහුණපා ඇති බවයි.
මේ අතර අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව වවුනියාව තැපල් කාර්යාලය ඉදිරිපිට පිහිටි උපවාස මණ්ඩපයේ සිට විරෝධතා පා ගමනකින් වවුනියාව කන්දසාමි කෝවිල වෙතට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගසා කියා සිටියේ මාස 6කට වැඩි කලක් උපවාසයේ යෙදී සිටියද මෙතෙක් තමන්ට කිසිදු විසඳුමක් නොමැති හෙයින් තමන්ට විසඳුමක් ලබාදෙන ලෙසයි.
popular news
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
විශ්‍රාම වැටුප් වැඩි නොවීම ගැන පිරිසක් කනස්සල්ලෙන්
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd