අතුරුදහන් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ
බේරුවල අනතුරින් අතුරුදහන්ව සිටී තවත් පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් අහුන්ගල්ල පොලිස් වසමේ වැල්ලබඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී ධීවරයන්ට හමුවූ බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 7ක් වන පහල වඩුවෙල‚ පයාගල පදිංචි වතුතන්ත්රෙගේ ගිහාන් නැමැති කුඩා දරුවෙකුගෙ බව පොලීසිය සඳහන් කරයි.
මෘත ශරීරය මේවන විට බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අහුන්ගල්ල පොලීසිය සිදුකරයි.
බේරුවල බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි 4දෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් බේරුවල ප්රදේශයේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් තිදෙනෙකුට අද (22 දා) උදෑසන හමුවී අති බව බේරුවල පොලීසිය පවසයි.
මේ වන විට මියගිය තැනැත්තා හඳුනාගෙන ඇති අතර ඔහු ගල්පොත‚ කන්දගොඩ පදිංචි හෙට්ටිතන්ත්රිගේ ධනුෂ්ක දිල්ෂාන් නැමැති අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවූ තැන සිට කි.මී 18ක් පමණ දුර ප්රදේශයක තිබී මෙම සිරුර හමුවී ඇත.
මියගිය තැනැත්තාගේ බිරිඳ ද මෙම අනතුරින් මේ වන විටත් අතුරුදන්ව ඇති අතර මොවුන්ගේ දරුවා මේ වන විට මෙම අනතුරින් දිවි ගලවාගෙන රෝහලේ ප්රතිකාර ලබන බව බේරුවල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
