අතුරුගිරිය පොලිස් වසමේදී ගල්වරුස පාර ඔරුවල හිදී අද(19දා) දින පස්වරු 5ට පමණ යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිසිය නිවේදනය කරයි.
ඉන්පසු එම පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මෙම සිදුවීමට අදාළ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.