අතුරුගිරිය, කොස්කඳවිල ප්රදේශයේ අද (25දා) පෙරවරුවේදී බස්රියක් හා ත්රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවු දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ සිවුදෙනෙකි. මවක හා දියණියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඔවහු වයස අවුරුදු 60,36,35 හා 8 යන වයස් සීමාවන්හි පසු වූ බව පොලීසිය කියයි.