අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට මිලදී ගත හැකි වන පරිදි වෙළදපොළේ පවතීදැයි සොයා බැලීමට ඉදිරි සති දෙක තුළ අඛන්ඩ වැටලීම් සිදු කරන බවත් හිඟයකින් තොරව භාණ්ඩ වෙළඳපොලේ තිබේ දැයි සොයා බලන බවත් මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(15) පැවැති මාධ්‍ය හමුවදී ප්‍රකාශ කළේය.
රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරමින් භාණ්ඩ හිගයක් වෙළෙදපොලේ පවතින බව මවා පෑමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ආරංචි වී ඇති බව පවසන මුදල් අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධයෙන් සොයා බැලිමට සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට සතියකට වරක් ජීවන වියදම් කමිටුව රැස්වන අතර මේ සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරිමට පාරිභෝගික අධිකාරිය සුදානමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය. ජීවන වියදම් කමිටුවේ සභාපති ජාත්‍යන්තර වෙළෙඳ කටුයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාය.