රත්නපුර කැටලියන්පල්ල ප්රදේශයේ බලපත්ර සහිත මැණික් පතලක දෝනාවකින් ගොඩගත් ඉල්ලම් තොගයක තිබී අත් බෝම්බ සහිත මල්ලක් ඊයේ (31දා) සවස හමුවූ බව රත්නපුර පොලීසිය කියයි.
රත්නපුර පොලීසියට ලද තොරතුරක් අනුව එම අත් බෝම්බ සහිත මල්ල රත්නපුර පොලීසිය බාරයට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
රත්නපුර කැටලියන්පල්ල ප්රදේශයේ තට්ටු 35ක් (අඩි 50ක්) පමණ ගැඹුරු පතලක් කපා දෝනාවක් ගොස් ඒ දෝනාවේ ඉල්ලම් පිටතට ගනිද්දී මෙම අත් බෝම්බ පාර්සලය හමුවී ඇති බව පොලීසිය කියයි.
හමුවූ අත් බෝම්බ ආරක්ෂක අංශ භාවිතා කරන වර්ගයේ අත් බෝම්බ බවට විශ්වාස කෙරේ. මෙම මැණික් පතලට ආසන්නව කලකට බලපත්ර ලබාගෙන තට්ටු පතලක් කපා තිබූ බවට තොරතුරු ඇතැයි පොලිසිය කියයි. ඒ පතල වැඩ අවසන් වූ පසු මෙ අත්බෝම්බ පාර්සලය එයට දමන්නට ඇති බවට සැකකරන පොලිසිය අලුතින් කපාගෙන යන පතලේ දෝනාව ඒ ප්රදේශය හරහා යාමේ දී අත්බෝම්බ පාර්සලය හමුවන්නට ඇතැයි සැකකරන බව ද පොලීසිය කියයි.
අජිත්ලාල් ශාන්තඋදය