පොළොන්නරු දිස්ත්‍රික්කයේ අඩුපහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය සඳහා මූල්‍ය ආධාර ලබාදීම අද (10දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ පැවති මෙම උත්සවයේදී මෙම විහාරස්ථාන සඳහා රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදීම සිදු කෙරුණි.
පොළොන්නරු දිසාපති රංජිත් ආරියරත්න මහතා වෙත ජනාධිපතිතුමා විසින් අදාළ මූල්‍යාධාර පිරිනැමිණි. මෙම විහාරස්ථාන යන්හි සංවර්ධන කටයුතු ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදුකිරීමට නියමිතය.
චීන රජයේ ආධාර යටතේ මෙම මූල්‍යාධාර පිරිනමා තිබේ. චීනයේ ලියුෂු විහාරස්ථානයේ විහාරාධිපති දයුවාන් ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම මෙහිදී සිදුවිය.
ආචාර්ය වල්මොරුවේ පියරතන ස්වාමීන් වහන්සේ ප්රමුඛ චීන මහා සංඝරත්නය ඇතුළු චීන රජයේ නියෝජිතයෝ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.