අටමස්ථාන වන්දනාවට සහභාගී වන බැතිමතුන්ට එක් පූජනීය ස්ථානයක සිට තවත් පූජනීය ස්ථානයක් දක්වා ගමන් කිරීමට ලංගම බස්රථ යෙදවීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අවධානය යොමු වී තිබේ.
වන්දනාකරුවන් රුපියල් 50 ක ටිකට්පතක් මිලදීගැනීමෙන් එම දවස තුළ අටමස්ථානයට අයත් සියලුම ස්ථාන වන්දනා කිරීමට හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වීය.
ලබන මැදින් මස සිට මෙම සේවාව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා අද (06දා) පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.