ගල්කිස්ස ප්රදේශයේ සිතාරා බතික් නමින් වෙළඳ සැලක් පවත්වාගෙන ගොස් නිමි ඇදුම් ලබාගෙන වෙළෙද සැල් හිම්යන් වෙත අගරු චෙක්පත් ලබාදී කෝට් එකහමාරකට අධික මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් දෝන සිතාරා ගීතානි කළුආරච්චි යන අය අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
අදාළ සැකකාරිය කැස්බෑව ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.
සැකකාරිය පිළිබඳ තොරතුරු ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ 011-2729621 සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක 071 8591664 දුරකථන අංකයන්ට ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.