අගවිනිසුරු කේ. ශ්රී පවන් මහතා ලබන අනිද්දා (28දා) විශ්රාම යාමට නියමිත බව වාර්තා වේ.
ශ්රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්රී පවන් මහතාගේ ජන්ම දිනය පෙබරවාරි මස 29 වැනිදාට යෙදී ඇති හෙයින් පෙබරවාරි මස 28 වැනිදා හෙතෙම විශ්රාම ගන්නා බව වාර්තා වේ.
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් විශ්රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේ මුල් කාර්තුවේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා විසින් කේ. ශ්රී පවන් මහතා අගවිනිසුරු ධුරයට පත්කරන ලදී.