අගමැති රනිල් වික්රමසිංහ මහතා අද(27දා) යාපනයේ නිල සංචාරයකට සහභාගී වී සිටියි.
යාපනය, නල්ලූර් කොවිලේ ආගමිකවතාවත් සඳහා එක්වූ අග්රාමාත්යවරයා, යාපනයේ ප්රධාන පෙළේ පාසලක් වන හාඩ්ලි විදුහලේ වැඩසටහනකටද සහභාගී වන අතර, එහිදී ගුරු මණ්ඩලය හා ආදි සිසුන් හමුවීමටද නියමිතය.
යාපනයේ නාගදීප විහාරයේ ආගමික වතාවත්වලින් ආරම්භ කරන මෙම සංචාරයේදී ගර්භිණී මවුවරුන් සඳහා වූ පෝෂණ වැඩසටහන, යාපන දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවීම, කාන්තා ගෘහ මූලික සාමාජිකයන් හමුවීම, පුනරුත්ථාපනය වූ තරුණයන්ගේ සුභසාධන කටයුතු පිළිබඳ සාකච්ඡාව, නැවත පදිංචිකිරීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවලටද අගමැතිවරයා සහභාගී වනු ඇත.
අගමැති රනිල් වික්රමසිංහ මහතාඅද(27දා) දිනයේ සිට එළඹෙන29 වැනිදා දක්වා යාපන නිල සංචාරයේ නිරතවීමට නියමිතය.