අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඒසඳහා සහාය දීමට සිදුවන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් වන දීර්ඝ ලිපියක් ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් විසින් සකස් කර ඇති අතර,ඒ සඳහා ශ්‍රීලංකා නිදහස්පක්ෂ අමාත්‍යවරුන් බොහෝදෙනෙකු අත්සන්කර ඇති බවද වාර්තාවේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමණක් මෙම ලිපියට අත්සන් යොදා නොමැති බවද දැනගැනීමට ලැබිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට අකමැති බව දක්වමින් මෙම ලිපිය සකස්කර ඇති අතර,මේ සියලු කරුණු හේතුවෙන් විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට සිදුවන බවද අමාත්‍යවරුන් එමගින් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පෙරේදා(19දා) රාත්‍රියේ හමුවූ බවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් 'අද'ට ප්‍රකාශ කළේය.