හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා එම තනතුරට පත්කිරීම සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ වගකීම විධිමත් බවට බැඳුම්කර කොමිසම මගින් සකස්කළ වාර්තාවේ සඳහන් වී ඇතැයි ජනපති මෛත්රීපාල සිරිසේ මහතා පැවැසීය.
එම වාර්තාව සම්බන්ධයෙන් ජනපතිවරයා කළ විශේෂ ප්රකාශයේ මේ බව දැක්වෙයි. එසේම අර්ජුන් මහේන්ද්රන් ලබා දෙන පොරොන්දු මත අග්රාමාත්යවරයා විශ්වාසය තබා ඇතැයිද අග්රාමාත්යවරයා එසේ නොකළ යුතු යැයි වාර්තාවේ සඳහන් බවත් ජනපති පැවැසීය.
“මහේන්ද්රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග්රාමාත්යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන්වෙනවා. පාර්ලිමේන්තුවේ ප්රකාශයක් කිරීමේදී ගරු අග්රාමාත්යතුමා මහේන්ද්රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන්වෙනවා. අග්රාමාත්යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන්වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා.”