මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් යෙදීමේ වැඩසටහන හරහා දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ ගෙන ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
අද (02දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා “එළඹෙන මැතිවරණයේ දී සියලු දෙනා ආණ්ඩුවට සහාය ලබාදෙනු ඇතැයි බලාපොරෝතුවනවා’’ යනුවෙන් පවසා ඇත.
එය ‘කොමිෂන් සභාව සිදු කළ පරිපාලන හා බලයලත් කාර්යයක් මගින් අනියම් ආකාරයෙන් දේශපාලන වාසියක් ලබා ගැනීමක් බව කැෆේ සංවිධානය පවසයි.
එම සංවිධානය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.