බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් චීනයේ බෙයිජිං නුවරට ළඟා විය.
“එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුවේ සමාරම්භක උත්සවය හෙට (14) දින පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත ය.
මෙම සමුළුව අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං (XI Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ක්චියාන් (Li Keqiang) යන මහත්වරුන් ඇතුලූ සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීනයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ශ්‍රී ලංකා දූත පිරිස බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබූයේ බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ඡෙංයු (Li Changyou) මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියැං (YI Xianliang) මහතා, එම මහත්මිය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඇතුලූ තානාපති කාර්යාලීය නිලධාරීන් පිරිසක් විසිනි.