අගමැති - චන්ද්‍රිකා ඉන්දීය සංචාරයකට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරාගෙන ඇති බවත්, ඒ සඳහා දිනවකවානු නියම කිරීමට ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
අග්‍රමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය මේ මාසයේදීම සිදුකිරීමට නියමිත බවත්, එය ඉදිරි සති දෙක තුන තුළදී සිදුවනු ඇති බවත් උසස් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එක්ස්ප්‍රස් පුවත් සේවයට තහවුරු කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත්තේය.
මේ අතර ඉන්දියාවේ හෙට (03දා) සිට 05දා දක්වා පැවැත්වෙන හින්දු හා බෞද්ධ සමුළුවකට සහභාගී වීමට සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය.
හිටපු ජනපතිනිය එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවද එක්ස්ප්‍රස් පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

