බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව සඳහන් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විශ්වාසභංගය ඉදිරිපත් කිරීම සඳහා බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලබාදෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ බවද මන්ත්‍රීවරයා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්සන් කළ මුදල් නෝට්ටු වලංගු නොවන බවත්,ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට කටයුතු කරන බවත්ය.
මීට පෙර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ඔහුට ඇමති ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවත්, අගමැතිවරයාටද තනතුර හැර යාමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය.