චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන "එකම තීරයක් – එකම මාවතක්” මහා සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය 13 වන දා පිටත්ව යෑමට නියමිතය.
මෙහි පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30 ක් නියෝජනය කරමින් නායක නායිකාවෝ සහභාගී වෙති.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු ‘තීරයක් සහ මාවතක්’ ප්රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්රතිලාභ සම්බන්ධව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලනේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වෙයි.