කාරක සභා විවාදය පැවැත්වෙන අද(05) දිනයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය කථාව ආරම්භකරන අවස්ථාවේ විපක්ෂයේ ඉදිරි පෙළ සිටගෙන සිටි මන්ත්‍රීවරයෙකු දැක
“කවුද මේ නළුවෙක් ඇවිත්ද පාර්ලිමේන්තුවට” යැයි විමසීය.
එවිට ඔහු හදුනාගත් ඩිලාන් පෙරේරා ඇමතිවරයා පැවසුයේ
“ආ... මේ මහින්දානන්ද මන්ත්‍රීතුමානේ, අද ලස්සනට ඇදගෙන ඇවිත්” යැයි කීය.
එවිට තම අසුන වෙත ගිය මහින්දාන්න මන්ත්‍රීවරයා පැවසුයේ
“අද අගමැතිතුමා වගේ ඇදගෙන ආවා ..” යැයි කියා ආණ්ඩුපක්ෂය දෙසට හිසනමා අචාර කළේය.
එව්ට ඩිලාන් පෙරේරා ඇමතිවරයා සිනහසෙම්න් පැවසුයේ
“ආ.. මේ අගමැතිතුමාගේ අඩිපාරේ යන මන්ත්‍රීවරයෙක්නේ.
අපිට බොහොම සතුටුයි..” කියාය.
ඔහුගේ එම ප්‍රකාශයට පක්ෂ විපක්ෂ සැම සිනහවුහ.