පාර්ලිමේන්තු ප්රවේශ මාර්ගය අවහිර කරමින් පවත්වන විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වරප්රසාද කඩවී ඇතැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (30දා) පාර්ලිමේන්තුවට පැවැසීය.
පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා ඉන් පිටවීමේදී බාධාවකින් තොරව ඔවුන්ට ගමන් කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් එය මන්ත්රී වරප්රසාදයක් බවත් අග්රාමාත්යවරයා පැවැසීය.
ඒ පිළිබඳව මන්ත්රිවරුන් ගණනාවක්ම තමාට පැමිණිලි කළ බවත් අග්රාමාත්යවරයා පැවැසීය. ඒ අනුව එම කරුණ කතානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමු කරන ලෙසත් කතානායකවරයා හරහා එය අධිකරණයට ගෙන යා යුතු බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් උද්ඝෝෂණ පැවැත්වීමට තමා බාධා නොකරන බවත් අග්රාමාත්යවරයා පැවැසීය. අග්රාමාත්යවරයාගේ ප්රකාශයට සහාය දක්වන බව ටී.එන්.ඒ. මන්ත්රී එම්. සුමන්තිරන් මහතා සඳහන් කළේය.