මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ග්‍රාම සේවා වසම් 04ක් එකතුකර අක්බාර් ටවුන් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ඉල්ලා එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක්, ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සන්දේශයක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදීම අද (20දා) දිනයේදී කටයුතු කළහ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා, එම කොට්ඨාසය එඬේරමුල්ල 2 ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාකර අදාළ කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය වහාම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කර තිබේ.
මෙම බල ප්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ගත් තීරණයක් නොවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයාගේද නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුලත් කර ඇති බවත් අමාත්‍යරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.