මට එකම සුදු වෑන් එකක්වත් නෑ - ගෝඨා
දේශපාලන නායකයින් දෙමළ,මුස්ලිම් ජනතාවගේ ප්රශ්න කියා දිගින් දිගටම කතා කළත් ඒවා විසඳන්නට නොහැකි වි ඇත්තේ එම ප්රශ්න ඡන්දය ගැනීමට පමණක් දේශපාලන නායකයින් පාවිච්චි කරන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසුයේ ඊයේ (02) දවුලගල එළමල්දෙණියේදි මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති “ එළිය “ විශේෂ වැඩසටහනට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා,
මේ ප්රශ්න අපි දෙමළ,මුස්ලිම්,සිංහල වුවත් කාටත් පොදුයි . අපේ නායකයින් මේ ප්රශ්නය දෙමළ ජනතාවට පෙන්නල දෙන්නේ සිංහල ජනතාව නිසා මෙම ප්රශ්න ඇතිවන බවය. සිංහල අයට පෙන්වා දෙන්නේ මෙම ප්රශ්න දෙමළ හා මුස්ලිම් ජනතාව නිසා ඇති වන බව. නමුත් මෙම ප්රශ්නය ඇත්ත වශයෙන්ම හැම රට වැසියාටම පොදු බවත් අප කළ යුත්තේ පොදුවේ මෙම ප්රශ්න වලට විසදුම් සෙවිම බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ රටේ බියක් නැතිව පාතාලයට කප්පම් ගෙවන්නෙ නැතුව මේ රටේ කුඩු වලට දරුවන් යටත් වන්නට ඉඩ නොදි නීතිය හා සාමය හොඳින් තියෙන රටක් අපි මේ රට තුළ බිහි කරනව. අපි රටේ ඕනැම තැනකට ගියොත් කියන කාරණයක් තමා මේ රටේ විනයක් නැ කියන එක. අපි එදා ත්රස්තවාදය නැති කරල රටේ විනයක් ගේනකොට මේ රටේ සාමය ඇති කරන කොට මේ රටේ පාතාලය නැති කරල සාමය ඇති කරන කොට අපිට විවිධ දෝෂාරෝපණයන් කළා.
ඇත්ත වශයෙන් හාමුදුරුවනේ මට එකම සුදු වෑන් එකක්වත් නැ. නමුත් මේ රටට සුදු වැන් වලින් උස්සන සංකල්පය මේ රටට හදුන්වාදිපු මේ රටේ 87,88,89 කාලයේ තිබු තත්ත්වය තරුණයන් දන්නෙ නැ.
නමුත් මැදිවියේ අය දන්නව අපේ කාලයේ ත්රස්තවාදය නැති කරන්නට බුද්ධි අංශ ලෝකයේම පාවිච්චි කරන යම් යම් ක්රම යොදාගන්නට ඇති. නමුත් ඒ අය කිසිම දේශපාලන පළිගැනීමක් කළේ නැ. කිසිම අහිංසක මිනිහෙක්ගෙන්වත් පළිගත්තෙ නෑ.
නිර්දෝෂි මිනිස්සුන්ගෙන් පළිගත්තෙ නැ. ත්රස්තවාදය ඇති කළේ කොළඹ නගරය තුළ මාරගෙන මැරෙන කොටි ත්රස්තවාදින්. කොළඹ නගරය පුරා ඒ කාලෙ හිටිය බුද්ධි අංශ නිලධාරින් ආඩම්බරයි කියන්න බුද්ධි අංශ නීලධාරින් වැඩි හරියක් හිටියේ මුස්ලිම් අය. ඒ අය විශාල රාජකාරියක් කළා.
පෙර තිබු රජයක වැරදි නිසා ඒ බුද්ධි අංශ නිලධාරීන් වැඩි පිරිසක් කොළඹ නගරයේදීම ඝාතනය උණා. ඒ බුද්ධි අංශ නිලධාරින් කළ සේවය නිසා තමයි ත්රස්තවාදය නැති කරන්නට හැකි වුණේ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
chathuri Monday, 04 March 2019 01:36 AM
මිනීමරුවන්ට මතක. නැහැ. අතින්. වුන. අපරාද . ලසන්ත. වික්රමතුංග ගාතනය වූ පසු. පිට රටියකු සමග රුපවාහිනී සාකච්චාව. මතකද . ලෝකයේ. මිනිස්සු. තම බල්ලා මැරුණත් දුක්වෙනවා. නමුත්. මේ. මාද්ය වේදියාගේ. මරණය අනුකම්පාව. පල. කෙරුවද . ඒක වල් මි. හරකගෙ. ගතියක්. ගොඩක්. කට්ටිය ජිනීවා යන්න. ලෑස්තියි සුදු වැන් නැතිවුනාට. ගරාජ්. එකයි. අලුගොසුවෝයි හිටිය. ලබන. ආත්මේ. තිරිසනෙක්. වගේ ඉපදිලා. හැම. මිනිසගෙන්ම. පා පහර. කන්න. ලෑස්ති වෙලා. ඉන්න. හොරි. දද. කුෂ්ට සමග
Reply : 15 2
lion Monday, 04 March 2019 05:22 AM
මට තියෙන්නේ මගේ නෝනට plane එකක් ඇරලා ස්විස්ස්ටර්ලන්තෙන් ගෙනාපු බලු පැටියා witharamai .
Reply : 1 1
mahinda wijekoon Monday, 04 March 2019 11:42 AM
රත්ගම මිනීමරපු Police කාරයොත් පාවිච්චි කලේ අනුන්ගේ වාහන. ඔය ලේකම් වෙනකොට bicycle එකක් වත් තිබුනේ නැනේ
Reply : 1 1
Kumar Monday, 04 March 2019 10:37 PM
පසුගිය රජය කාලයේ සුදු වැන් රටේ වහිවහල. ආණ්ඩුවට විරුද්ධව කතාකලොත් සුදු වැන් එකක් ඒ කිව්වකෙනගේ නිවාස ලග නවතාගෙන ඉන්නවා. මහජනයා ඔයගොල්ලන්ගේ රජය පරාජය කලගමන් ඒ වාහන කොහේ ගියද නැහැනෙ. ඒ විතරක් නොවේ ඒ අලුගොසුවොත් හැංගිලා. දැන් බබා වෙන්න හදනවද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

