මහ බැංකු හොරකමේ ලොකු හොරු ටික මග ඇරලා ඉන්නවා - ප්‍රසන්න
වසර 05 ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් දිව්‍ය ලෝකයක් බවට පත් කළ නොහැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එසේම මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ ලොකු ලොකු පිරිස් තවමත් නිදැල්ලේ සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සඳහා මෙරට කාන්තාවන්ගේ දායකත්වයද අත්‍යවශ්‍යය බවයි.
ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමට එක්වන්නැ‘යි තමන් මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ව මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති කාන්තා දින සැමරුමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය.
"පහුගිය මාස තුනේ විපක්ෂය කළේ අපේ කකුලෙන් අදින එක. ඒක නිසා අපි ඉදිරියේ දී පිහිටුවන ආණ්ඩුවක දී කාන්තාවක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා. පහුගිය ආණ්ඩුව වසර 05 ක් තිස්සේ මේ රට අපායක් බවට පත් කළා. අවුරුදු 05ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් ගොඩ ගන්න බෑ.
මහ බැංකු හොරකම තමයි පහුගිය කාලේ සිද්ධ වුණ ලොකුම හොරකම. මහ බැංකු හොරකමේ පොඩි පොඩි හොරු විතරයි අහු වෙලා ඉන්නේ. ලොකු හොරු ටික මග ඇරලා ඉන්නවා.
අපි මේ හොරුන්ට මග ඇරලා ඉන්න ඉඩ තියන්නේ නෑ. පහුගිය ආණ්ඩුව සුදුපිරුවට පොරෝගෙන ආවට තනිකරම දූෂිත ආණ්ඩුවක්. බැදුම්කර හොරකම මේ රටේ ආර්ථිකයට බලපෑවා. අද රටේ ජනතාව මුහුණ දෙන බඩු මිල ඉහළ යාම වගේ දේවල් වලට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව. ඔවුන්ගේ අදූරදර්ෂි ආර්ථික වැඩ පිළිවෙල නිසයි රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.”
popular news
-
Mola Sunday, 08 March 2020 01:11 PM
Ane may patta hora ne anunge horakam ගැන kiyanne ohe හිතුවද Apita අමතකෛ කියල
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

