මම ජනපතිවුණේ අරගලයෙන් නෙමෙයි
තමන් ජනපතිධුරයට පත්වූයේ අරගලය නිසා නොවන බවත් ජනපති ඉවත් වූ නිසා ජනපතිධුරය භාර ගැනීමට අගමැතිට සිදුවෙන බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“විජිත හේරත් කියනවා අරගලයේ පිහිටෙන් ජනපතිවෙලා අද අරගලය මර්දනය කරන්න හදනවා කියලා. අරගලයේ පිනෙන් නෙමයි. ජනාධිපති ගියොත් ඒ් තනතුර ගන්න වෙන්නේ අගමැතිට. එහෙනම් තමුන්නාන්සෙට ගෝඨාභය රාජපක්ෂ බදාගෙන ඉන්න තිබුණේ.
එයා බදාගෙන හිටියනම් මම ජනපති නෙමෙයි. මගේ ගෙදර පිච්චුවානේ මාව අයින් කරන්න කියලා. මම මේක ඉල්ලුවේ නෑ. මට මහානායක හිමිවරුන් කිව්වා. මම ගිහින් භාර ගත්තා. මම ලියුම් ලියුවේ නෑ. විපක්ෂනායක තුමාට අමතක වෙලා තියෙනවා ඒතුමා ජනපතිතුමාට එවපු ලිපිය. ඒ වෙනකොට මම දිවුරුම් දීලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ගිහින් විපක්ෂනායකතුමාගේ උපදෙස් ගත්තා. ”
popular news
-
Deepal Nirosh Thursday, 24 November 2022 09:07 AM
අරගලය → මයිනා ගෙදර ගියා → රනිල් අගමැති වුණා → ගෝඨා ගෙදර ගියා → රනිල් ජනපති වුණා..... ඉතින් මේක නො දැන ද මෙයා ජනපති වුණේ. හැබැයි මේ දාමයේ මහ මොළකරු මෙතන නැති බව ඇත්ත.
Reply : 1 0
Demuni Uduwara Thursday, 24 November 2022 11:47 PM
Gota had to go home in the wake of Aragalaya. Accordingly Ranil became President. Ranil, hence Aragalaya is the trailblazer for you becoming President.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
