අපට නැති සුද්දට ඇති සත්ත්ව කරුණාව
දුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.
මෙසේ සිදුකළේ නෙදර්ලන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති ජෝයි සහ ෂර්ලි නමැති යුවලයි. ඔවුන් කටුනායක සිට ගම්පහ දුම්රිය ස්ථානය වෙත ඊයේ (15දා) පැමිණ ඇත්තේ උදෑසන 9.30ට ඇති දුම්රියෙන් මහනුවර බලා යෑමටය.
දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති එම දෙදෙනා එක් පාදයක් අනතුරකට පත් සුනඛයා දැක ඇති වූ අනුකම්පාව මත සත්ත්වයන්ට ප්‍රතිකාර ලබාදෙන ස්ථානයකට ඇමතුමක් ලබාදෙමින් සුනඛයා රැගෙන යෑමට උදව් කරන ලෙස ඉල්ලා තිබේ. පස්වරු 4.00 පමණ වනතුරුම ඔවුන් නොපැමිණියෙන් මේ පිළිබඳව දැනගන්නට ලැබුණු ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු එම දුම්ර්ය ස්ථානයට ගොස් තොරතුරු විමසා සත්ත්ව මධ්‍යස්ථානය අමතා කඩිනමින් එහි පැමිණෙන ලෙස ඉල්ලා තිබේ. මෙම විදේශිකයන් දෙදෙනා දිවා ආහාරය පවා නොගෙන මෙම කටයුත්තට අවදානය යොමු කරමින් සිට ඇත.
මෙම යුවලට යම් උපකාරයක් කීරීමේ අවශ්‍යතාව මත අදාළ මාධ්‍යවේදියා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාට මේ පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේදී ක්ෂණිකව පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාට දුම්රිය ස්ථානයට එන ලෙස දැනුම් දෙමින් වහාම සත්ත්ව ප්‍රතිකාර ස්ථානයෙන් රථයක් ගෙන්වා සුනඛයා ප්‍රතිකාර පිණිස යැවීමට පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.
මෙහිදී විදේශික යුවල පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදියාටත් ස්තූතිය පුද කළ අතර, ඔවුන් දෙදෙනා කියා සිටියේ තමන් දැඩිසේ සතුන්ට කරුණාව දයාව දක්වන දෙදෙනෙකු බවයි. මෙම සිදුවීම දුටු පිරිස පවසා සිටියේ මෙය අප රටෙහි ජනතාවට ආදර්ශයක් බවයි.
ගම්පහ - තිලකරත්න දිසානායක




popular news
-
chathuri Wednesday, 16 January 2019 05:12 PM
අපි මෙවැනි. දෙයක්. දැකල පොලිසිය. අමතුවනම් හොඳ. ටිකක්. අහගන්න. පුළුවන්. , ලගටම. ගිහින්. කිව්වත් ඒ ටිකම. තමයි , ඒවගේම අසරණ වැඩිහිටියන් දුක් විදින්නෙත් සත්තු. විදියට. , විදෙශිකයින්ම එන්න. ඕන මේවා. හොයල. බලල වැඩ. කරන්න සැවොම. වෙනුවෙන්. වැඩකරන්නේ. කීප දෙනයි රටේ. නායකයෝ. පක්ෂය. බේරගන්න. වැඩකරන වෙලාවේ. ඇත්තටම මේ. විදේශ. යුවල. රත්තරන්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

