තාම අඩුවෙන පැත්තට නෑ
පසුගිය සතියට සාපෙක්ෂව කොවිඩ් රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ වල සියයට 28ක වර්ධනයක් පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
අද (09දා) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළාය.
“පසුගිය සතියට සාපෙක්ෂව රෝගීන්ගේ සුළු වර්ධනයක් හා මරණ 28ක වැඩිවීමක් පෙන්නුම්කරනවා.
තමා අඩුවෙන පැත්තට නෑ. සංචරණ සීමා ගැන රජය තීරණයක් ගනියි දැනට 14 වෙනකම් දීර්ඝ කරලා තියෙන්නේ.
ලොක්ඩවුන් කළාට දවස් 14ක් පුරා රෝගය පැතිරෙන්න පුළුවන්. ලොක්ඩවුන් කළාට කලින් විෂබීජ ඇතුළත් වුණානම් දින 14ක් පුරාවට මේක පැතිරෙන්න පුළුවන්.
තාම සති දෙකයි රට වහලා. තව සතියක් විතර යනකම් අපි බලමු දත්ත දිහා.”

popular news
-
L.G.P.Jathunarachchi Monday, 14 June 2021 08:38 AM
It will be automatically reduced after the deaths !!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

