හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් වර්ජනයේ
වයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේනතුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට(5) මධ්‍යම රාත්‍රි12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රි එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනය අඛණ්ඩවසිදු කිරිමට සැලසුම් කර තිබෙන බවත් මෙම ක්‍රියාමාර්ගයට දුමිරිය ස්ථානාධිපති නියාමික ඇතුළු තනතුරුවල පිරිස් සහාය ලබා දෙන බවට පොරෝන්දු වි තිබෙන බවද එම සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩගේ මහතා සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 05 March 2019 01:57 PM
ප්‍රශ්නයක් නැහැ. හමුදාව ලව්වා කෝච්චි දුවවන්න. දුම්රිය සේවකයන්ට පඩි ගෙවන්නේ ජනතාව. දුම්රිය දෙපාර්තුමේන්තුව නඩත්තු කරන්නේ ජනතාව. ඒ හින්දා ජනතාව පීල්ලට තියල වර්ජන කරන එක වැරදියි. ගිය පාර කරපු වර්ජනේදී මහපාරේ අතරමන් වුනු මිනිස්සු කියපු දේවලට ලංකාවම කම්පා වුනා. ඒ හින්ද වර්ජනය කරන්න ඉඩ දෙන්න. හැබැයි වර්ජනය ඉවර වෙන තුරු ජනතාව වෙනුවෙන් දුම්රිය සේවය පවත්වා ගෙන යන්න හමුදාව යොදවන්න ඕනේ.
Reply : 0 0
Kumar Thursday, 07 March 2019 08:07 AM
පාරේ දුවන බස් රථ වගේ දුම්රිය දුවන්න හැකියාවක් නැහැ. සමහර අය හිතන්නේ හමුදාවට හැමදෙයක්ම කරන්න පුලුවන්කියල. ඒ අදහස හිතෙන අහක් කරගන්න. ටොන් සියගණනක් බර දුම්රිය පාලනය කරන්න විශේෂ පුහුවක් ඕනෙ. ඒ හැකියාව තිබෙන අය හමුදාවේ ඉන්නවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

