ආයතන 12ක් මුදල් අමාත්‍යාංශයට පවරා ගනියි
අමාත්‍යාංශය කිහිපයක් යටතේ තිබූ ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් හා ආශ්රිත ආයතන
කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම
නෝර්ත් සී සමාගම
සීමා සහිත ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම
ගල් ඔය වැවිලි පුද්ගලික සමාගම
ජාතික ලුණු සමාගම
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව
පරන්තන් කෙමිකල්ස් සමාගම
සීමාසහිත බී.සී.සී. සමාගම
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය
සීමාසහිත ලංකා ජනරල් ට්‍රේඩින් සමාගම යන ආයතන මෙසේ මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නකුත් කර තිබේ.
මෙම ආයතන තාක්ෂණ අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන වෙයි.
popular news
- 
                            
Veteran Thursday, 01 June 2023 05:05 PM
මහින්ද රාජපක්ස ටෙලි සිනමා උද්‍යානය කියන්නේ මොකක්ද? රන්මිණිතැන්නද? ඒකටත් නම දාගෙනද?
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                