උසස් පෙළ විභාගයට පෙනි සිටිමට සියයට 75කට වරම්
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ගත් ලකුණු මට්ටම හැර, ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් හිමිව ඇති බවත් මෙම තත්වය සතුටුදායක බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා ප්‍රකාශ කළේය.
තවද 2020 අධ්‍යන පොදු සහතික පත් සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සටහන් සහතිකපත්, එළඹෙන සදුදා සිට අන්තර්ජාලය ඔස්සේ භාගත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා පැවසීය.
ඊයේ රාත්‍රී මෙම ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරි අතර , ඒහිදී යම් දරුවකුට තමාගේ විභාග අංකය අමතක වී හෝ නැතිවී ඇත්නම් ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ සාමාන්‍යපෙළ ප්‍රතිඵල ලේඛනය භා ගත කරගත හැකි බවද ඒසේත් නොමැති නම්1911 කෙටි දුරකථන අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට ඇමතීමෙන් හෝ මෙම ප්‍රතිඵල ලබා හැකි බව සඳහන් කළේය.
අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ පසුගිය වසරේ හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගන්නා ප්‍රතිඵල ලේඛනය පාසලකට ඇතුල් වීම සඳහා වලංගු සහතිකයක් බවත් වෙනත් පාසලකට යාමට , විදේශ රටකට යාම හෝ වෙනත් අවශ්‍ය ඔ්නෑම සම්මුඛ පර්යේෂණයක් සඳහා මෙම ලේඛනය වලංගු බවද ඒ මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

