ඒකීය රටක් කියලා ඊළමකට සිහින දකින්න එපා
දෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (13දා) යාපනය වීරසිංහම් ශාලාවේදී රටේ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳ උතුරේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
“එදා එල්.ටී.ටී.ඊය මේ ප්‍රදේශ පාලනය කරපු කාලයේ තනි රටක් ඉල්ලපු අවස්ථාවේදී අපිට තනි රටක් එපා එකීය රටක් තුළ විසඳුම් ලබා දෙන්න කියලා එදා කාට හරි වේදිකාවකට නැගල කියන්න පුළුවන් වුණාද? එහෙම කයලා එයාට පන පිටින් ඉන්න පුළුවන් වුණාද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දිනවල යුද්ධය අවසන් කිරීම සඳහා උදව් ඉල්ලමින් ලෝකයට සහ ඉන්දියාවට දීපු පොරොන්දු මොනවද ?.
අපිට මතකයි යුද්ධය අවසන් කිරීමට උදව් කළොත් බලය බෙදීම අර්ථවත් ලෙස කරනවා කියලත්, 13 වන සංශෝධනය බලාත්මක කරමින් ඊට එහා ගිය විසඳුමක් ලබා දෙනවා කියලත් මහින්ද මහත්මයා ඒ කාලේ කිව්වා.
දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නේ නෑ නේද ? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම් වලට අපි විරුද්ධවීමෙන් ඵලක් නැහැ. අපි ඒකීය රටක් ඇතුලේ ජීවත් වෙන්න සූදානම් කියලා සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊළාම් සිහිනයත් එක්ක අපි ජීවත් වීම වැරදියි. අපි කියන දේවලුත්, අපි හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන් සිද්ධ වෙන්න ඕනේ.”

popular news
-
Champa Monday, 14 January 2019 11:53 AM
Ok, then give up the Federal Constitution. End of the story. Cheers !!!!! Now we have to deal with a new Prabhakaran called Raghavan who says according to Lord Buddha's Buddhism, Buddhists should give up everything in North. Racist and extremist Suren Raghavan does not know Buddha Sasana is not only Lord Buddha's preaching, but also his Messengers of Dhamma who are Buddhist Priests, his followers who are laymen and all symbolic veneration sites such as sacred relics, temples, stupas, sacred bo trees and Buddhist scripts. A descendant of a large influx of South Indian migrants who came to Jaffna during Dutch period to grow tobacco displacing Sinhalese, is now trying to teach us Buddhism and trying to deny our right to land, right to practice religion anywhere in the country and right to assembly in North.
Reply : 0 0
Bandula. Monday, 14 January 2019 02:54 PM
මොකෝ මේ එකපාරටම වෙනස් වෙලා වගේ, ඩබල් ඇක්ටින්, අපි දන්නේ නැද්ද ඔය ගේ හැටි, නිකන් දවල් හීන දකින්නේ නැතුව ඉන්නවා.
Reply : 0 0
Champa Monday, 14 January 2019 08:19 PM
TNA එක JVP එකේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකට කැමති වෙන්න එපා. හොඳ දැක්මක් තියෙන අනාගත ජනාධිපතිවරයෙකුට උතුරත් ඇතුළුව රට සංවර්ධනය කරන්න, හැම දුප්පත් මිනිහෙකුගේම ආර්ථිකය ශක්තිමත් කරන්න, කෙලින්, ඉක්මනට තීරණ අරන් වැඩ කරන්න බැරි වෙනවා විධායක බලතල නැති වුනොත්. පාර්ලිමේන්තුව දෙකට නෙමෙයි තුනට හතරට බෙදිලා කිසි දවසක රට ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. ඒ වගේම ජාතිවාදී හෝ ආගම්වාදී හෝ අන්තවාදී කලබල ඇති වුනොත් එක පාරට ඒවා නවත්තන්න බැරි වෙනවා, විධායක ජනාධිපති ධූරය නැතුව ඒ මොකොද කිව්වා නම් එතකොට පාර්ලිමේන්තුවට දාල pass කරගන්න, විවාද කරන්න, දවස් ගණන් සති ගණන් යනවා. ඒ හින්ද ළඟ නෙමෙයි දුර බලල, TNA එක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එකට විරුද්ධ වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
