රටේම කුණු දඹුල්ලට ඉල්ලයි
සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධගරාධිපති ජාලිය ඕපාත මහතා අද (14දා) පැවසීය.
දඹුල්ල මහ නගර සභාව මගින් වසර ගණනාවක් සිට කාබනික පොහොර නිපදවන බවත් කාබනික පොහොර ඉල්ලුමේ හැටියට සපයාගැනීමට නොහැකිව පවතින නිසා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නගරාධිපතිවරයා මේ ඉල්ලීම කළේය
මේ වන විට පළාත් පාලන ආයතන 9ක පමණ ඉවත ලන කුණු කසල දඹුල්ල මහනගර සභාවේ කාබනික පොහොර අංගනයට ලැබෙන බවද ඔහු පැවැසීය.
විශාල කාබනික පොහොර ඉල්ලුමක් පැවැතීම හේතුවෙන් තමන්ට එම ඉල්ලුම සැපයීමට නොහැකි බවත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍යතරම් කසළ නොලැබීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.
එම නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කුණු කසළ තම අංගනයට ගෙන්විත් භාර දෙන්නේ නම් ඒ සියල්ල බාරගැනීමට සූදානමින් සිටින බවත් කුණු ප්‍රශ්න වලින් හෙම්බත්ව සිටින සිටින එයට විසඳුමක් නැති නගර සභා මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට කසළ ගෙනත් දෙන්න යි ආරාධනා කරන බවද ඔහු සඳහන් කළේය.
දඹුල්ල නගර සභාව දිගම්පතහ ප්‍රදේශයේ කාබනික පොහොර නිපදවන ස්ථානයක් පවත්වාගෙන යයි. ජපන් තාක්ෂණය ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් මෙම පොහොර නිපදවීම සිදු කරයි.



popular news
-
Kumar Monday, 14 June 2021 09:28 PM
It is economical or environmentally sound to move trash long distances.
Reply : 0 0
Sugath Hettiarachchi Thursday, 17 June 2021 08:34 AM
Before the whole country waste to collect for organic fertilizers, can you try just Dambulla market daily waste which is more than 22 tractor loads which appeared transported out side location at Habarana
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

