මාතර සිට තන්තිරිමලය බලා ගමන් කර, ආපසු යමින් තිබූ වන්දනා පිරිසක් රැගත් බස් රථයකට දළ ඇතෙකු සිදු කල පහර දීමකින් එම බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබේ.
තන්තිරිමලය රජමහා විහාරස්ථානය වැඳපුදා ගෙන, යලි මාතර බලා ධාවනය වෙමින් තිබියදී, අනුරාධපුර - තන්තිරිමලේ මාර්ගයේ ඔයාමඩුව, මානින්ගමුව ප්රදේශයේදී ඊයේ (30 දා) රාත්රියේදී මෙම පහර දීම සිදුව තිබූ බව පොලිසිය පවසයි.
මෙම ප්රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් ප්රහාරය එල්ල වන අවස්ථාවේ දී බස් රථයේ සිටි වන්දනාකරුවන් දැඩි ලෙස බියට පත්ව කෑ ගැසූ බව ප්රදේශවාසීහු මෙහිදී පැවැසූහ.
මෙම දළ ඇතා මීට පෙර අවස්ථා කිහිපයකදීම මාර්ගයේ ගමන් ගත් රථ වාහන කිහිපයකට පහර දුන් බවත්, එම ඇතා විසින් ප්රදේශයේ මිනිස් ජීවිත කීපයක්ම බිලිගත් බවත් ප්රදේශවාසීහු පවසති.
මෙම මිනීමරු දළ ඇතා ප්රදේශයෙන් ඉවත් කර දෙන ලෙසට අවස්ථා කීපයකදීම අදාළ බලධාරීනල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවද ඔවුහු වැඩි දුරටත් පැවසූහ.


