සමාව ලැබුණ සිරකරුවන් අතර රන්ජන් නෑ
සිරකරු දිනය නිමිත්තෙන් රැඳවියන් 89 දෙනකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට සමාව හිමිවී නැත.
නිදහස ලබන පිරිස අතර කාන්තාවෝ දෙදෙනෙක්ද සිටින අතර සිරකරු දිනය පසුගිය ඉරිදාට (12 දා) යෙදී තිබුණි.
මහර බන්ධනාගාරයෙන් 10 ක්, වැලිකඩ 5ක්, මීගමුව 2 ක් ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවලින් නිදහස් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලකෑම්, සංවිධානාත්මක අපරාධ, ස්තී‍්‍ර දූෂණ ඇතුළු බරපතළ චෝදනා 27 කට අයත් නොවන පිරිසකි.
මෙසේ මුදාහරින ලද පිරිස අතර සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි අයද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවැසීය.
popular news
-
සොයිසා අබෙිසේකර 15 Wednesday, 22 September 2021 08:49 AM
ලංකාවට අභිමානයක්
Reply : 0 0
කමනි මංගලිකා Wednesday, 22 September 2021 08:52 AM
ශිුලංකාවට ගෙෘරවයක් ගෙන දුන් ආදරනිය දියනියට මගේ උනුසුම් සුභ පැතුම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

