පාන් ගෙඩියට බීඩියක් නොමිලයේ
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙලද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් මිලට ගත් පාන් ගෙඩියක් තුල තිබී බීඩියක කොටයක් අද (22දා) උදෑසන හමු වී තිබේ.
ඇය ඊයේ (21) සවස එම වෙලද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇත. අද උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා හොදි සමග කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබේ.
පළමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේ දී බීඩියක් බව අනාවරණය වී ඇත. ඒ පිළිබඳව නම ගම හෙලි කිරීමට අකමැති වු ඇය මෙසේ කීවාය.
“මගේ දරුවා මාතර නගරයේ පාසලක ඉගෙනුම වෙනවා.පුතා කීවා අම්මේ හෙට උදේට පාන් කමු කියලා.මම පඹුරණ හංදිය අසල දර පෝරණු පාන් විකිනීමට ඇති වෙළද සැලකට ගිහින් පාන් ගෙඩි දෙකක්ම මිලදී ගත්තා.
අද උදෑසන පරිප්පු හොද්දක් හදලා දරුවාට පාන් කැබැල්ලක් කපා දී අපි දෙන්නා උදෑසන ආහාරය ගනිමින් සිටියදී පාන් කැබැල්ල ඇතුලෙන් කරපිංචා කොලයක් වගේ දෙයක් හමු වුණා.
තව දුරටත් එය හාරා බැලීමේ දී බීඩි කොටසක් බව හෙලි වුණා.ඒ වෙලාවේ ලොකු අප්පිරියාවක් ඇති වුණා.ආයේ කවදාවත් පාන් කන්නේ නෑ කියලා හිතා ගත්තා.
මේ වගේ දේවල් මින් පසුව නොවෙන්නයි මට ඕන.විශේෂයෙන්ම කෑම නිෂ්පාදනයේ දී අදාල බේකරි හිමියන් වගකීමකින් කටයුතු කල යුතුයි.”
ඒ පිළිබඳව ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දුරකතනයෙන් දැනුම් දී තිබේ. සෞඛ්‍ය අංශ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්‍රිෂාන් ජීවක ජයරුක්


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

