නියම වෙලාවට අපේක්ෂකයා කියන්නම් - නාමල්
ආණ්ඩුව ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කළ ජනපති අපෙක්ෂකයා කවුරුන්දැයි යන්න ප්‍රකාශ කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. හම්බන්තොට උඩ මත්තලදී පැවැති ජන හමුවකදී අද (15දා) ඔහු මෙම අදහස් දැක්වීය.
“අපිට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරනවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක කියන්නත් අපි බය නෑ.ගැටලුව තියෙන්නේ අපි අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා රටට කියන්න කලින් මේ ආණ්ඩුව කියන්න ඕනේ, ජනාධිපතිවරණයක් තියනවද නැත්නම් ව්‍යවස්ථාවක් ගේනවද කියලා.ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපේක්ෂකයෙක් තෝරලා වැඩක් නෑ.නමුත් නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා.”
සූරියවැව ණුවන් ජයසේකර

popular news
-
Don Wednesday, 16 January 2019 09:55 AM
ගෝට බාප්පා කියල ඉවරයි එයා ජනාධිපත් අපේක්ෂක කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

