තවත් කෝටිපති ව්‍යාපාරිකයෙක් අභිරහස් ලෙස මිය යයි
දින කීපයක සිට අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ මළසිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත එන්. ඩි. එච්. පුර සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය කියයි.
මළ සිරුර සොයා ගන්නා විට නිරුවත්ව තිබූ බව පොලිසිය කියයි. මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි .
ඉකුත් 30 වෙනි දින නිවසින් පිටත්ව ගිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් ඊයේ (1) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි .
ව්‍යාපාරිකයාගේ අභිරහස් ෙමරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම නුගේගොඩ කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

