රජයේ සේවකයන්ට අවුරුදු කන්න IMF ණයෙන් කොටසක් දෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබුණ පළමු ණය වාරිකයෙන් කොටසක් මාර්තු හා අප්‍රෙල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් යොදා ගන්නා බව මහා භාණ්ඩාගාරය දන්වා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ගාල්ලේ පැවැති වැඩසටනහකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මාර්තු මාසයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා වියදම් පවත්වාගෙන යාමේ වියදම් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා රුපියල් බිලියන 196ක්. බලාපොරොත්තු වන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි. එතකොට බිලියන 23ක් මාර්තු මාසය පවත්වාගෙන යන්න මදි.
ඒ අතර ගෙවිය යුතු බහුපාර්ශ්වීය ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. මේ මාර්තු මාසයට බිලියන පන්සිය ගණනක් විතර අඩුයි.මේ ණය වලින් කොටසක්
මාස දෙකක වැටුප් ගෙවන්න තිබෙනවා අප්‍රේල් මාසයට. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවීම සඳහා ලැබුණ ණයෙන් කොටසක් භාවිත කරන බව මහා භාණ්ඩාගාරය දන්වා තිබෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
popular news
- 
                            
ආර් එච් ප්‍රනාන්දු Sunday, 26 March 2023 02:44 PM
රාජ්‍ය නොවන සේවකයන් අවුරුදු කන්නේ නැත්ද?
Reply : 0 2
Pramodani chalanika Thursday, 30 March 2023 05:19 PM
Api hamoma ekathu wanna oni. Awrudu witarak kala madi. Pluwan hama tansma waga karanna oni
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                