සේනාට ගොවිජන සම්මේලනයේ සහයෝගය
සේනා දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 18 දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.
පක්ෂ පාට දේශපාලන භේදයකින් තොරව ජාතික ව්‍යසනයක් සේ සලකා රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙළ සඳහා සේනා මර්දනයට සියළු දෙනාගේ සහාය ලබාදෙන ලෙසද නාමල් කරුණාරත්න මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.
එමෙන්ම සේනා දළඹු මර්දනය සඳහා විශේෂ යෝජනා කීපයක් සිදුකරන බවත් ඉන් එකක් බවට පත්ව ඇත්තේ සේනා දළඹුවන් කීටයන් අල්ලා දෙන අයට එක සතෙකු සඳහා රුපියලක මුදලක් ගෙවීමට රජයට යෝජනා කරන බවය. එවිට බොහෝ ජනතාව ඒකරාශී වී කාල රාමුවක් තුළ මෙම සතුන් අල්ලා භාරදීමට ඉදිරිපත්වන බව හෙතෙම සඳහන් කළේ ය.
මෙරට ජනමාධ්‍ය ආයතන ඔවුන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් සිටින බවත් රජය මේ වන තුරුත් ඒ සඳහා නිසි ආකාරයෙන් ඉදිරිපත් නොවීම බරපතල ප්‍රශ්නයක් බවත් රජය මේ වනවිට දළඹු මර්දන දෙසතිය නම් කර තිබුණද ඊට නිසි විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස තමා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

popular news
-
Champa Saturday, 19 January 2019 10:17 PM
හිටපු ජනාධිපතිතුමා සේනා දළඹුව ගැන කියපු හින්ද මම එතනට ඊයේ දාපු comment එක අද තමයි දැක්කේ වැටිලා තියෙනව. ඒකම cut
Reply : 0 0
Champa Saturday, 19 January 2019 10:18 PM
බඩඉඟුරු දළඹුවාට නම් ආණ්ඩුවට මුලදීම කරන්න තිබ්බේ ගොවීන්ට දෙන්න වගාව වහන්න plastic කවර. දැන් ඉතින් පැතිරිලා ඉවරයිලුනේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පරිසර සමතුලිතතාවය නැතිවීම. දළඹුවන්ව, පොඩි කුරුමිනියෝ සහ දෙබරු වගේ සත්තු කනවා. දැන් එහෙම සත්තු පරිසරයේ නැතුව ඇති. සමහර වෙලාවට මෙවුන්ගෙන් වගාව බේරා ගන්න වේලාසනම කරලේ උඩ කොටසේ තෙල් ගාල තියනවලු. නැත්නම් රබර් පටියක් දාල උඩ වහනවලු, ඒ මොකොද සලබය බිත්තර දාන්නේ බඩ ඉඟුරු කරලේ මුදුන් කොටසේ. ආයේ අලුතින් වවන කොට, වගාව වට කරලා සහ අතරමැද උස තණකොළත් වැව්ව්හම, සත්තු බිත්තර දාන්න තොර ගන්නේ බඩඉඟුරු වලට වඩා ඔය තණකොළ ගස් හින්ද පස්සේ කාලෙක උන් වඳ වෙලා යනව. මේ දළඹුවන්ගේ මුල් ගම ඇමරිකාව. එක සතෙක් වාරෙක්ට බිත්තර 200ක් දානවලු. සුළඟට සමහර වෙලාවට මේ බිත්තර කිලෝමීටර් දහස් ගණන් ඈතට යනවලු. කියන විදිහට, වෙන රටවල බඩඉඟුරු ගොවියෝ මෙහෙම වුනහම සබන් වතුර, දෙහි වතුර, මිරිස් වතුර, ලුණු වතුර, කොහොඹ තෙල් එහෙම spray කරනවලු. තව සමහරු වැලි, අළු, එහෙමත් ඉහිනවලු. තව සමහරු සීනි වතුර, මාළු වතුර වගේ ඒවා spray කරනවලු දළඹුවෝ ආහාරේට ගන්න predatory කෘමීන්, ladybugs, දෙබරු වගේ සත්තු ආකර්ෂණය කර ගන්න.
Reply : 0 0
Champa Saturday, 19 January 2019 11:25 PM
නාමල් - සල්ලි ඉස්සරහට දාල ඔය වැඩේ කරන්න යන එක හරිද මන්ද? ඒ මොකොද සල්ලි වලට කෑදර මිනිහෙක්ට ඕකත් ජාවාරමක් කරගන්න පුළුවන්. ඕක ඇත්තටම කරන්න ඕනේ ශ්‍රමදානයක් විදිහට. ඔ සත්තු පැතිරෙන්නේ බිත්තර වලින් හුළඟට. ඒ හින්ද දැනට බේරිලා තියෙන වගාවලට කවර දාල තාවකාලිකව වහල තියන්න ඕනේ අනිත් පලාත්වල ඉන්න දළඹුවෝ ටික නැති කරගන්නකම්. ආණ්ඩුව මේ කවර ගොවීන්ට දෙන්න ඕනේ නොමිලේ. ඒ මොකොද කිව්ව නම් එක පළාතක ඉවර වෙනකොට තව පළාතකට යන්න පුළුවන් නිසා. එක ගැහැණු සලබයෙක් බිත්තර 200ක් විතර දානවාලු එක වාරෙකට ඊට පස්සේ එක දිගට දවස් 4ක් 5ක්. බිත්තර වගේම සලබයාත් කිලෝ මීටර් දහස් ගණන් දුර යනවලු සුළඟත් එක්ක. බිත්තර දාන්න එන්නේ රෑට. කවුරු හරි දැකල තියෙනවද සලබයන්ව? ආසියාවට බෝවෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ මැද. ස්වභාවිකව නැති කරගන්න විදිහවල් ටිකක් උඩ ලිව්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

